> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ඉන්දියාවේ දරුවන්ටත් සමාජ මාධ්‍ය තහනම් වෙයිද?
- URL: https://www.citizen.lk/will-social-media-be-banned-for-children-in-india/
- Published: 2026-01-30T05:19:03.000Z
- Updated: 2026-01-30T05:19:25.000Z
- Author: Deepali Jayasundara
- Tags: විදෙස්

January 30 (Citizen.lk News) - ඉන්දියාවේ දරුවන් සමාජ මාධ්‍ය වෙත ප්‍රවේශ වීම පාලනය කිරීමට වයස් සීමාවන් හඳුන්වා දීමට එරට රජයේ අවධානය යොමු කල යුතු බව එරට ප්‍රධාන ආර්ථික උපදේශක වී. ආනන්ත නාගේස්වරන් මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව “ඩිජිටල් ඇබ්බැහිභාවය” පාලනය කිරීම සඳහා වයස් පදනම් සීමා හඳුන්වා දිය යුතු බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කුඩා වයස් සීමාවල දරුවන් සමාජ මාධ්‍යට ඇබ්බැහි වී භාවිතය වැඩි අවදානමක් පවතින බවත් ඔවුන් සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී එලෙස පිවිසෙන අයගේ වයස් සීමා හඳුනාගැනීමට හා එම වයසට ගැළපෙන වීඩියෝ සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කරවීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට පැවරිය යුතු බවත් වැඩිදුරටත් අවධාරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.

සමාජ මාධ්‍ය වෙත පිවිසීමේදී එලෙස පිවිසෙන අයගේ වයස් සීමා හඳුනාගැනීමට හා එම වයසට ගැළපෙන වීඩියෝ සහ අනෙකුත් දෑ ප්‍රදර්ශනය කරවීමේ වගකීම සමාජ මාධ්‍ය වේදිකාවලට පැවරිය යුතු බවද ඔහු අවධාරණය කර ඇත.