> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ආපදාවට ලක් වූ නිවාස වෙනුවට, නිවාස සංකීර්ණ ස්ථාපිත කරයිද?
- URL: https://www.citizen.lk/will-housing-complexes-be-established-to-replace-the-damaged-houses/
- Published: 2025-12-22T09:01:13.000Z
- Updated: 2025-12-22T09:01:13.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

"දිට්වා" සුළි කුණාටුවෙන් විනාශ වූ නිවාස සඳහා නිවාස සංකීර්ණ ස්ථාපිත කරදීමට සැලසුම් කරමින් සිටින බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කරනවා.

දිස්ත්‍රික් ලේකම්වරුන් හරහා විකල්ප ඉඩම් හඳුනාගෙන එම බොහෝමයක් තැන්වල නිවාස සංකීර්ණ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

නිවාස සංකීර්ණ සඳහා මූලික සැලසුම් සකස් කරමින් සිටින අතර කෙටි කාලයක් තුළ මෙම ආපදාවෙන් හානි වූ නිවාසවල ජීවත් වූ පවුල් සහ ඔවුන්ගේ ජීවිත යථාවත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍ය සුසිල් රණසිංහ වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ.