අම්පාරේ වල් අලින්ට ආහාර හිඟයක්. (PHOTOS)

අම්පාර නගර සභාව මගින් පාලනය කරන කුණු එකතු කිරීමේ මධ්‍යස්ථානයේ නිසි අයුරින් කුණු ප්‍රතිශක්තිකරණය නොවිම නිසා වන අලි එම ස්ථානයට පැමිනිම වැඩිවි ඇති බව ප්‍ර දේශවාසින් පවසනවා.

දිනපතාම සවස් භාගයේ මෙම ස්ථානයට පැමිණෙන අලි කුණු ආහාරයට ගන්නා අතර රාත්‍රී 7 පමන වෙනවිට ගම්මානවලට පැන නිවාස වලට පහරදිමට පටන් ගෙන ඇති බව අප වාර්තාකරු පැවසුවා.

පසුගිය දින කිහිපය තුල අම්පාර විජිතපුර ගම්මානයේ නිවාස දෙකකට වන අලි හානි කර තිබේ මේ පිලිබදව වනජීවි එකට පැවසුවත් තමන්ට කිසිම සහනයක් නැති බව ගම්වැසියන් පවසනවා.

ඔවුන් පවසන්නේ සවස්වරුවේ කුණු කෑමට එන වන අලින් රාත්‍රීයේදි තම නිවාස වලට සහ වතුවගාවන්ට හනි කරන බවයි.

මෙම කුණු එකතුකරන ස්ථානය වෙනත් ස්ථානයකට රැගෙන ගියේ නම් මෙම ගැටළුව නිරාකරණය විය හැකි බවත් දිනකට වන අලි 50ත් 60ත් අතර සංඛ්‍යාවක් කුණු කැමට මෙම ස්ථානයට එන බවද ප්‍රදේශවාසින් පවසනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න