තවුහිද් සංවිධානයේ සැබෑ නායකයා කවුද?

0
256

මුස්ලිම් අන්තවාදීන් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනවල සම්බන්ධීකරණයක් නොමැති වීමෙන් ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ ඉහළම නායකයා මෙතෙක් අනාවරණය කර ගැනීමට බුද්ධි අංශවලට නොහැකි වී ඇති බව වාර්තා වෙනවා.

ත්‍රිවිධ හමුදාවල ඇති බුද්ධි ඒකක, රාජ්‍ය බුද්ධි සේවය, විශේෂ විමර්ශන ඒකකය, පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි ඒකකය, බන්ධනාගාර බුද්ධි ඒකකය ආදී බුද්ධි අංශ ගණනාවක් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් ගැන පරීක්ෂණ පවත්වනවා.

එහෙත් ජාතිත තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා ලෙස හඳුන්වාගත් සහරාන් හෂීම්, ෂැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මිය යාමත් සමඟ එම සංවිධානයේ නායකයා වූ අය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට ගැටලු මතුව තිබෙනවා.

සහරාන්ගෙන් පසුව නායකත්වයට නවුෆර් මව්ලවි යන අය පත්කර ඇති බව සඳහන් වූවත්. ඔහුද දඹුල්ල ප්‍රදේශයෙන් අත්අඩංගුවට පත් වුණා. එහෙත් එම සංවිධානයේ සැබෑ නායකයා මෙරට අයෙක්ද, විදේශීය අයෙක්ද යන්න සම්බන්ධයෙන් ප්‍රශ්න මතුව තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය 8 වැනි දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතලේදී අත්අඩංගුවට ගත් ෆායිසුන් රහුමාන් මොහොමඩ් සහරාන් එහි නායකයා බවට ආරක්ෂක අංශ තුළ සැක මතුව ඇති බව සඳහන්.

අංක 26 බී. වරකාමුර, මාතලේ ලිපිනයේ පදිංචි ඔහු විසින් මරාගෙන මැරෙන ප්‍රහාරයට එම කණ්ඩායම පැමිණීමට පෙර ලබාදුන් ප්‍රතිඥාව වීඩියෝගත කර පසුව එය අයි.එස්. සංවිධානයට ලබාදීමට කටයුතු කර තිබෙනවා.

කටාර් සිට ඔහු පසුගිය අප්‍රේල් 15 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණි පසුව අප්‍රේල් 19 වැනි දින කාත්තන්කුඩියට ගොස් එම දර්ශන වීඩියෝගත කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු ලබාදුන් තොරතුරුවලින් පසුව දේවස්ථානවලට හා හෝටල්වලට පාස්කු ඉරිදා එල්ල කළ ප්‍රහාරයේ වගකීම අයි.එස් අයිඑස් සංවිධානය භාරගෙන ඇති අතර ඒ අනුව ඔහු අයි.එස් කණ්ඩායම ගැන වීඩියෝද, අක්කරේපත්තුවේදී වීඩියෝගත කළ දර්ශන ඇතුළත් පරිගණයක් අත්අඩංගුවට පත්ව තිබෙනවා.