ප්‍රවීනා 2 කතාවේ කෝමලී Cannes ගිහින් කරන්න යන දේ. (PHOTOS)

0
94

ප්‍රවීනා දෙවැනි කතාංගයේ කෝමලීගේ (සැබෑ නාට්‍යයේ කොමෝලිකා) චරිතයට පන පොවන ජනප්‍රිය හින්දි ටෙලි නාට්‍ය නිලි Hina Khan මේ දිනවල වරින් වර කතා මවන්නියක් බවට පත්වෙලා. දැන් මේ කියන්න යන්නෙත් Hina ගැන ඒ වගේම ආරංචියක් ගැනයි.

අන්තර්ජාතික Cannes චිත්‍රපට උළෙල කියලා කියන්නේ ලොව පුරා චිත්‍රපට ක්ෂේත්‍රයේ අය විතරක් නෙමෙයි දහස් ගණන් ප්‍රේක්ෂකයෝ පවා උන්මාදයට පත් කරවන චිත්‍රපට උළෙලක්.

කොහොම හරි මේ වතාවේ Hina ත් මේ Cannes චිත්‍රපට උළෙලට සහභාගී වෙන්න වාසනාව හිමි කරගෙන විතරක් තියනවා නෙමෙයි රතු පලස මත පෙනී ඉන්නත් වාසනාව ලැබිලා තියෙනවා.

අද (14) ඉඳලා 25 වෙනකන් දින 10කටත් අධික කාලයක් පැවැත්වීමට නියමිත මේ සිනමා උළෙලට සහභාගී වෙන්න Hina ටිකක් කලින්ම පැරීසියට ගිහින් තියනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඒ වෙන කොහෙන්වත් නෙමෙයි Hina ගෙන්ම තමයි. මොකද සම්මාන උළෙලට කලින් තමන්ගේ පෙම්වතා එක්කම පැරීසියට ගිය Hina අයිෆල් කුලුන ලඟදි ගත්ත බොහොම ආදරණීය පින්තූර ටිකක් “Just be… Restoring my energy. Before it begins,” කියලා ලස්සන වචන ටිකකුත් එක්ක තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට එකතු කරලා තිබුනා.

කොහොම වුනත් 72 වැනි වතාවටත් පැවැත්වෙන මේ Cannes සම්මාන උළෙලේ ඉන්දියාවේ පැවිලියන් එකේ ඉඳලා කතා කරන්නත් Hina දැනටම අවස්ථාව උදාකරගෙන තියනවා කියල තමයි ආරංචි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here