සජිත් ප්‍රේමදාසට අවසානයේ සිදුවන දේ.

0
29

ජනපති අපේක්ෂකයා සම්බන්ධව එජාපය තුළ මතුව ඇති අර්බුදය පිපිරීමට ආසන්න බව එම පක්ෂයේම මැති ඇමතිවරුන්ගේ ප්‍රකාශ වලින් හොඳින්ම පැහැදිලි වන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා කියා සිටියේ.

ඔහු මේ බව සඳහන් කළේ, රත්නපුර පැල්මඩුල්ල නිවසේ පැවති පාක්ෂික හමුවකට එක්වෙමින්.

මෙහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසින්,

“සජිත් ප්‍රේමදාස කොච්චර දැඟලුවත් එජාපයේ නායකත්වය කවදාවත් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් නම් ගන්න වෙන්නේ නැහැ.රනිල්ට පක්ෂය ඇතුලෙන් ජනාධිපතිවරණයට සජිත්ව දාන්න විශාල බලපෑමක් ආවොත් අග්‍රාමාත්‍ය වරයා කැමති වෙයි.

මොකද වික්‍රමසිංහ මහත්තයා දන්නවා මේ පාර ජනාධිපතිවරණයට කවුරු දැම්මත් පරදායි කියලා. සජිත් ඉදිරිපත්වෙලා පරදා උනාම නිකම්ම නැවතත් විපක්ෂ නායක ධූරය තමන්ට ලැබෙනවා කියලත් රනිල් දන්නවා.සජිත්ට පක්ෂයේ නියෝජ්‍ය නායකකමත් අවසානයේදී නැති වෙනවා. “