මුහුදු යාමෙන් වළකින්න – ධීවර දෙපාර්තුමේන්තුවෙන් නිවේදනයක්

0
336

අද සිට ලබන 08 වැනිදා දක්වා මුහුදු යාමෙන් වළකින ලෙස එක්දින සහ බහුදින යාත‍්‍රා ධීවරයින්ට, ධීවර දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

නිරිත දිග බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ සහ මන්නාරම් බොක්ක ප‍්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල නිරත ධීවරයින්ට අද (05) රාත‍්‍රියට පෙර ගොඩබිම් ප‍්‍රදේශ වෙත හෝ ආරක්ෂිත මුහුදු ප‍්‍රදේශයක් වෙත ගමන් කරන ලෙයසි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

එම ප‍්‍රදේශවල අද රාත‍්‍රිය වනවිට අඩු පීඩන තත්වයක් නිර්මාණය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා. මේ හේතුවෙන් අද රාත‍්‍රියේ සිට දිවයින සහ දිවයින අවට මුහුදු ප‍්‍රදේශවල පවතින වැසි තත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.