නඩු තීන්දු බලාගෙන දේශපාලන කරන්නේ නැහැ – හරීන්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ පුරවැසිභාවය අභියෝගයට ලක් කළ පෙත්සම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිඳු අදාළත්වයවක් නොමැති බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

කොළඹ ඊයේ (04) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

” අපිට කිසිම අවශ්‍යතාවයක් නැහැ කකුල් මාට්ටු ජනාධිපති කෙනෙක් වෙන්න. ඒ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා කිව්ව කතාව. ඒ වගේමයි මේ දාපු නඩුවලට අපේ කිසිම සම්බන්ධයකුත් නැහැ. හේතුව අපි නඩු තීන්දු බලාගෙන දේශපාලනේ කරන්නේ නෑ. අපි කැමති ගෝඨාභය රාජපක්ෂ එනවනම් තරගයට. මොකද අපේ තරගය තියෙන්නේ මැතිවරණය දවසට” අමාත්‍යවරයා කියා සිටියා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න