කළුතර ඇතුළු ප්‍රදේශ රැසකට ජල සැපයුම සීමා වන ලකුණු.

කෙත්හේන පවිත්‍රාගාරයේ අලූත්වැඩියාවක් නිසා කළුතර හා අවට ප්‍රදේශ කිහිපයකට ඉදිරි සති තුන ඇතුළතදී ජල සැපයුම විටින් විට අත්හිටුවීමට සහ අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ අනුව වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර, කටුකුරුන්ද, නාගොඩ ,පයාගල ,පිලමිනාවත්ත, බෝම්ඹුවල, මග්ගොන, බේරුවල, කළුවාමෝදර, මොරගොල්ල, අලූත්ගම, දර්ගා නගරය සහ බෙන්තොට යන ප්‍රදේශවලට මෙලෙස විටින් විට ජලසැපයුම අත්හිටුවනු ඇති බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න