රජයේ තීරණයෙන් පසු තවමත් විරෝධයේ නිරත රණවිරුවන්ට ලැබෙන වැටුප කීයද?

සේවය අතරතුරදී ආබාධිත වූ රණවිරුවන් දින ගණනාවක් ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් අඛණ්ඩව විරෝධතාවයක නිරත වෙමින් සිටිනවා.

කෙසේ වෙතත් ඊයේ (24) දින මුදල් අමාත්‍යංශය විසින් ඔවුන්ගේ ඉල්ලීම් වලට පිළිතුරු ලෙස දිවි තෙක් සම්පුර්ණ වැටුප ලබාදීමට එකග වුනා.

රණවිරැ ඉල්ලීමට රජය ලබාදුන් ප්‍රතිචාරය

නව ක්‍රමය ලෙස ඉහල වගුවේ දැක්වෙන්නේ ඊයේ (24) මුදල් අමාත්‍යංශය ලබා දුන් වැටුප් වැඩි වීමයි. සියලු වැටුප් ගණන ශ්‍රී ලංකා රුපියල් වලින් දක්වා ඇත.

කෙසේ වෙතත් රණවිරුවන් එම පිළිතුරට එකඟ වුයේ නැහැ. ඔවුන් තවමත් උද්ගෝෂණය කරමින් එය මාරාන්තික උපවාසයක් බවට පත් කරගෙන තිබෙනවා.

ඒ පිළිබඳව මෙම විරෝධතා ව්‍යාපාරය මෙහෙයවනු ලබන “රණවිරුවන සුරකීමේ ජාතික බලවේගයේ නිර්මාතෘ U.D. වසන්තගෙන් විමසීමක් සිදු කළා.

මේ එම සංවාදයයි.

Citizen සමඟ රණවිරුවන් සුරකීමේ බලවේගයේ නිර්මාතෘ කළ සංවාදය

Citizen සමඟ රණවිරුවන් සුරකීමේ බලවේගයේ නිර්මාතෘ කළ සංවාදය

Posted by Citizen.lk on Wednesday, September 25, 2019

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න