VPN වලින් සමාජ මාධ්‍ය භාවිතා කර ජාතින් අතර අසමගිය පැතිරූ 3ක් මාට්ටු.

0
271

පොලීසියට අපහාස කිරීම සහ ජාතීන් අතර සමගිය නැති කිරීමට කටයුතු කළ සැකකරුවන් තිදෙනෙක් මාතර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව අවි ආයුධ පරීක්ෂා කිරීමට මෙහෙයුම දියත් කර ඇති බවත් එහෙත් පොලිසිය විසින් මුස්ලිම් ජාතිකයන්ගෙන් පගාව අරගෙන ගෙන ඒවා පාවා දෙන බවට පවසමින් පොලිසියට අවලාද කර මෙම කෙටි පණිවුඩ යවා ඇති බව සඳහන්.

මේ දිනවල ෆේස්බුක් සහ අන්තර්ජාල පහසුකම් රජය අවහිර කර තිබියදී VPN භාවිතා කර මෙම සැකකරුවන් මෙම පණිවුඩ යවා ඇති අතර මේ තුලින් ජාතීන් අතර සමගියට හානියක් වන බවත් පොලිසිය සහ ජනතාව අතර ගැටුමක් ඇති කිරීමට මෙය ගත් උත්සාහයක් ලෙසද සැලකේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතර තුඩාව, නූපේ සහ වල්ගම ප්‍රදේශවල පදිංචි 34, 29, සහ 27 යන පසුවන්නන් වන අතර ඔවුන් මේ මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කරනු ලැබුවා.