ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය දිවිගමනට සමුදෙයි.

0
54

ප්‍රවීණ ගායන ශිල්පිනී ඉන්ද්‍රණි සේනාරත්න මහත්මිය අද දහවල් කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත වුණා. ඇය ප්‍රවීණ ගායන ශිල්පී සිසිර සේනාරත්න මහතාගේ බිරිඳයි.

මිය යන විට ඇය 83 වන වියේ පසුවුණා.

ඉන්ද්‍රණි සේනාරත්න මහත්මියට දරුවන් තිදෙනෙක් සිටින අතර මේ වන විට ඇගේ දේහය කොළඹ ජයරත්න මල් ශාලාවෙහි තැන්පත් කර තිබෙනවා.

බුදු ස්වාමිනේ සිරිපා පියුම්, දගකාරයි මං, රතු පාට මල් වැනි ජනප්‍රිය ගීත රැසක් ගායනා කර ඇති අතර සිසිර සේනාරත්න සමඟ ගායනා කළ ගීත ද මෙරට රසිකයන් අතර වඩාත් ජනප්‍රියත්වයට පත්වුණා.