> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් ජවිපෙ  ටිල්වින් හමුවෙයි
- URL: https://www.citizen.lk/veteran-bollywood-singer-anuradha-paudwal-meets-jvp-leader/
- Published: 2026-01-22T10:57:20.000Z
- Updated: 2026-01-22T10:57:20.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

January 22 (Citizen.lk News) - මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත පද්ම ශ්‍රී සම්මානලාභී, ප්‍රවීණ බොලිවුඩ් ගායිකා අනුරාධා පෞද්වාල් (Anuradha Paudwal) අද (21) පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ දී ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුව තිබෙනවා.

මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස ද එක් වී සිටි අතර ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් රෝෂ්ණි තොම්සන් (Roshni Thomson), විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, මහාචාර්ය අංකුරන් දත්ත (Ankuran Dutta) ඇතුළු පිරිසක් සම්බන්ධ වී සිටියා.