විජය නන්දසිරිගේ අවසන් රංගනයත් සමඟ කරළියට එන “සිකුරු යෝගය”. (PHOTOS)

දිගු කලකට පසු බර්මින් ලයිලි ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සිනමාපටයක් හෙට (21) සිට තිරගත වෙනවා.

ඒ “සිකුරු යෝගයයි”. විජය නන්දසිරි අවසන් වරට රඟපෑ නිර්මාණවලින් එකක් වන මෙහි සෙසු චරිත රඟ දක්වන්නේ ටෙනිසන් කුරේ, අනර්කලී ආකර්ෂා, රොඩ්නි වර්ණකුල, අනූෂා දමයන්ති, මහින්ද පතිරගේ, අමිල කරුණාරත්න, මේනකා ගාර්දි, ප්‍රේමදාස විතානගේ, දයා අල්විස්, බන්දුල විජේවීර, ගාමිණී අම්බලන්ගොඩ යන ශිල්පීන්.

කැමරා අධ්‍යක්ෂණය ඩොනල්ඩ් කරුණාරත්න විසින් සිදුකර ඇත් අතර රන්ජිත් ද සිල්වාගේ කලා අධ්‍යක්ෂණයට සහය වී තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න