කාගම සිරිනන්ද හිමි රිය අනතුරකට ලක්වෙයි.

ගල්කිරියාගම පහමිණියාගම සිරි සදහම් උපදේශණ මධ්‍යස්ථානාධිපති කාලීන ධර්ම දේශක පුජ්‍ය කාගම සිරිනන්ද හිමියන් ඊයේ (22) පස්වරුවේ රිය අනතුරකට ලක්ව තිබෙනවා.

උන්වහන්සේ වැඩම කළ කැබ්රථය මැල්සිරිපුර අඹන්පොල ප්‍රදේශයේදී මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් අනතුර සිදුව ඇති අතර තුවාල ලබා ඇති කාගම සිරිනන්ද හිමියන් සහ කැබ්රථයේ රියදුරු ප්‍රතිකාර සදහා කුරුණැගල ශීක්ෂණ රෝහලට ඇතුල් කර ඇති බවයි වාර්තා වෙන්නේ.