යුධ විජයග්‍රහණයේ 10 වන සැමරුම වෙනුවෙන් වෙල්ලමුල්ලි වයික්කාල් සූදානම් වෙයි.

0
78

තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධය අවසන් වී වසර 10ක් සපිරීම නිමිත්තෙන් අවසන් සටන පැවති වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය සහ භූමිය ප්‍රදේශවාසීන් විසින් මේ දිනවල එළිපෙහෙළි කර තිබෙනවා.

ඒ අනුව ලබන මැයි 18 වනදා උදෑසන 10.30ට වෙල්ලමුල්ලි වයික්කාල්හි පිහිටි යුධ සැමරුම් ස්මාරකය ඉදිරිපිටදී යුද්ධය නිමා වී වසර 10 ක් පිරීම හා අවසන් යුද්ධයේදී මියගිය සාමාන්‍ය ජනතාව සිහිපත් කොට ඔවුන් වෙනුවෙන් සෙත් ශාන්ති පැමිණවීම සිදු කිරීමට සියල්ල සූදානම් බවයි අප වෙත වාර්තා වුනේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here