ඇමරිකාව හෙල්ලූ ලාංකිකයා සිර ගෙදරින් නිදහස් කරයි

වෝල් ස්ට්‍රීට් බිලියනපති ලාංකිකයා නිදහස්

ඇමරිකාවේ සිරදඬුවම් විඳි ලාංකික සම්භවයක් ඇති රාජ් රාජරත්නම් මීට සති 6කට පමණ පෙර සිර ගෙදරින් නික්ම ගොස් ඇති බව ජාත්‍යන්තර බ්ලූම්බර්ග් පුවත් සේවය පවසයි.
ඇමරිකානු ඉතිහාසයේ විශාලතම හෙජ් අරමුදල් වංචාවට වැරදිකරු බවට පත්වෙමින්, ඔහු 2011 දී සිර ගෙදරට නියම විය.

ඔහු මෙලෙස පිටව ගොස් ඇත්තේ සිය දඬුවම් කාලය අවසන් වීමට තවත් වසර 2ක් ඉතිරිව තිබියදීය.  

ඔහුට මෙසේ වසර දෙකකට පෙර සිරෙන් නිදහස් වීමට කිම් කාඩාෂියන් විසින් ජනපති ට්‍රම්ප් මාර්ගයෙන් ලබාගත් අත්සන් කිහිපයක් හේතු වී ඇති බවද ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.

කිම් කාඩාෂියන් ඇමරිකාවේ සුප්‍රකට ව්‍යාපාරික තරුවකි. ඇය විසින් නව නීති කීපයක් සම්මත කරගැනීමට සමත්වී ඇත.

ඒවා නම් වයස අවුරුදු 60 ඉක්මවූ හෝ දීර්ඝකාලීන රෝගාබාධවලින් පෙළෙන සිරකරුවන්ට නියම කරනලද සිර දඬුවමෙහි අවසාන කාලය නිවාස අඩස්සියට පත්කරලීමට අවස්ථාව හිමි වීමයි.

සුරැකුම්පත් විනිමය නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත 2011 වසරේ දී වරදකරු වීමෙන් අනතුරුව වසර 11ක සිරදඬුවමක් ඔහුට නියම වූ අතර බොස්ටන් නගරයෙන් පිටත පිහිටි ෆෙඩරල් වෛද්‍ය මධ්‍යස්ථානයක් වූ බන්ධනාගාරයක ඔහුට කල්ගෙවීමට සිදුවිය.

ඒ අනුව, ඔහුගේ සිර දඬුවමෙහි ඉතිරි කාලය මැන්හැටන් හි නැගෙනහිර පෙදෙසේ නිහඬ කොටසක මහල් නිවාසයකට කොටුව ගෙවීමට සිදුවනු ඇත. නමුත් දිවාකාලයේදී සිය වැඩකටයුතු සඳහා පිටතට යාමට ඔහුට නිදහස ඇත.

ඔහුගේ සිර දඬුවම අවසන් වීමට නියමිතව තිබුණේ, 2021 ජූලි 04 වැනිදාය. 2011 වසරේදී නීති විරෝධී අභ්‍යන්තර වෙළෙඳාම් චෝදනාව යටතේ වැරදිකරු වූ ඔහු එවකට සිය Galleon Group LLC අරමුදල හරහා එක්සත් ජනපද ඩොලර් බිලියන 7ක් ඉක්මවූ ආයෝජන අරමුදලක් හසුරුවා තිබේ.

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත රාජ් රාජරත්නම්, ෆෝබ්ස් සඟරාවට අනුව 2009 වසරේ ලොව ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ 559 වැනි ස්ථානයෙහි පසුවිය. එසේම 2000 මුල් භාගයේදී ඔහුගේ Galleon අරමුදල ලොව 10 වැනියට විශාලතම හෙජ් අරමුදල ලෙසින් සැලකිනි.