> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අමෙරිකානු තානාපති ජූලි චන්ග් ජනපති හමු වෙයි
- URL: https://www.citizen.lk/us-ambassador-julie-chang-meets-with-president/
- Published: 2026-01-13T05:44:29.000Z
- Updated: 2026-01-13T05:44:29.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්, පුවත්

මෙරට අමෙරිකා එක්සත් ජනපද තානාපති ලෙස සිය රාජ්‍යතාන්ත්‍රික සේවය අවසන් කරමින්, දිවයිනෙන් පිටව යාමට නියමිත ජූලි චන්ග් මහත්මිය ජනාධිපති අනුර කුමාර දිසානායක හමුව තිබෙනවා.

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට කඩිනම් සහන සැලසීම වෙනුවෙන් එක්සත් ජනපදය සමඟ සම්බන්ධ වෙමින් ඇය ඉටු කළ කාර්යභාරය වෙනුවෙන් සහ සිය ධුර කාලය තුළ එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දැරූ අඛණ්ඩ උත්සාහය මෙහිදී ජනාධිපතිවරයාගේ පැසසුමට ලක් ව තිබෙනවා.