> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# අකුරේගොඩ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් එජාපයෙන් විශේෂ නිවේදනයක්
- URL: https://www.citizen.lk/unp-issues-special-statement-regarding-akuregoda-double-murders/
- Published: 2026-02-16T09:00:49.000Z
- Updated: 2026-02-16T09:00:49.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දේශපාලන

February 16 (Citizen.lk News) - අකුරේගොඩදී නීතිඥවරයෙකුට සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඇතුළුව නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල වහාම ඉල්ලා අස්විය යුතු බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරනවා.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින්, එම පක්ෂය සඳහන් කර ඇත්තේ, නීතිය හා සාමය පිරිහීම සම්බන්ධයෙන් අමාත්‍ය ආනන්ද විජේපාල වගකිව යුතු බවයි.

අදාළ නිවේදනය මගින් මෙම ඝාතන සම්බන්ධයෙන් ගතයුතු තීරණාත්මක ක්‍රියාමාර්ග කිහිපයක් පෙන්වා දෙමින් එම පක්ෂය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ නිල නීතිඥ මණ්ඩලයේ ප්‍රධානී ලෙස නීතිපතිවරයා, පොලිස්පතිවරයා සමඟ සාකච්ඡා කර මෙම කාරණය විමර්ශනය කිරීම සඳහා සුදුසු පොලිස් කණ්ඩායමක් පත්කළ යුතු අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ කැමැත්ත ද ඊට ලබා ගත යුතු බවය.

එම නිවේදනය:

![](https://www.citizen.lk/content/images/2026/02/image-9.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-10.png)

![](https://www.citizen.lk/content/images/2026/02/image-11.png)