UNDP නේවාසික නියෝජිත, විද්‍යා හා තාක්ෂණ ඇමති හමුවේ

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත රොබට් යූහ්කම් අද දින විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුජීව සේනසිංහ මැතිතුමා හමු විය. එම දෙපළ අමාත්‍යාංශය හා UNDP ආයතනයේ මුලපිරීමක් වන සිට්ට්‍රා සමාජ නවෝත්පාදන පර්යේෂණාගාරය ඇතුළුව අමාත්‍යාංශය හා UNDP අතර දැනට ක්‍රියාත්මක වැඩසටහන් පිලිබඳ සාකච්ඡා කළේය.
හමුව අතරතුර, යූහ්කම් මහතා විසින් මෑතක දී කොළඹ දී පැවති ශිල්ප සේනා ප්‍රදර්ශනය පිලිබඳ මහජන අදහස් වාර්තාව අමාත්‍යවරයා වෙත පිරිනැමූ අතර, වේගවත් සංවර්ධන ප්‍රතිඵල සඳහා නවෝත්පාදනය ප්‍රවර්ධනය වෙනුවෙන් UNDP හා විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ සමග සිට්ට්‍රා සමීපව කටයුතු කරන බව අමාත්‍යවරයාට සහතික විය.