> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණීමට නොහැකියි - ශිරන්ති රාජපක්ෂ
- URL: https://www.citizen.lk/unable-to-attend-police-financial-crimes-division-today-due-to-personal-reasons-shiranti-rajapakse/
- Published: 2026-01-27T08:34:44.000Z
- Updated: 2026-01-27T08:34:44.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

January 27 (Citizen.lk News) - පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටීමට නොහැකි බවට ශිරන්ති රාජපක්ෂ නීතීඥයෙකු මාර්ගයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත ලිඛිතව අදාළ දැනුම් දී තිබෙනවා.

'සිරිලිය' නමින් පවත්වාගෙන ගිය ගිණුමේ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද පෙ.ව 9.00ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස පසුගිය සිකුරාදා දිනයේ දැනුම්දීමක් සිදුකර තිබුණු අතර පෞද්ගලික හේතුවක් මත අද දිනයේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණීමට නොහැකි බවත් ඒ සඳහා සති දෙකකින් පසු දිනයක් ලබාදෙන ලෙසත් ඉල්ලීම් කර ඇති බවයි වාර්තා වන්නේ.