දේශීය මත්පැන්-මුව මස් සමඟ දෙදෙනෙක් නාවික හමුදා භාරයට.

0
11

නාවික හමුදාව විසින් දින යාපනය, පුටුක්කාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී දේශිය මත්පැන් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පුටුක්කාඩු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී නිවසක් තුල සඟවා තිබී දේශිය මත්පැන් බෝතල් 10ක් සමඟ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු ‍මෙලෙස නාවික හමුදා බාරයට ගෙන තිබුණා.

එහිදී, නාවික හමුදාව සිදු කල වැඩිදුර විමර්ශනයේදී ඔවුන් ලඟ තිබී මුව මස් කිලෝග්‍රෑම් 03 ක් ද සොයා ගැනීමට හැකි වුණා.

නාවික හමුදා බාරයට ගත් කාන්තාව වයස අවුරුදු 46 වන වියෙහි පසුවන අතර, පිරිමි පුද්ගලයා 30 වන වියෙහි පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබෙනවා.

නාවික හමුදා බාරයට ගත් කාන්තාව, පිරිමි පුද්ගලයා, මත්පැන් සහ මුව මස් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය, සුරාබදු දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කෙරුණා.