පරිගණක ජාල ආරක්ෂාව වෙනුවෙන් ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශ කරයි.

0
123

ඇමරිකානු පරිගණක ජාල ආරක්ෂාව වෙනුවෙන් එරට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කළේ සයිබර් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් හේතුවෙන් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බවයි.

ඇමරිකානු සමාගම් විදේශ රටවලින් පරිගණක ජාල ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය ලබාගන්නා අවස්ථාවලදී මෙම සයිබර් ප්‍රහාර එල්ලවිය හැකි බවටයි අනුමාන කර ඇත්තේ.