> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# කැලණි විහාරය අවට රථවාහන ගමනාගමනය සීමා කිරීමක්
- URL: https://www.citizen.lk/traffic-restrictions-around-kelaniya-temple/
- Published: 2025-12-23T04:07:24.000Z
- Updated: 2025-12-23T04:07:24.000Z
- Author: Dhanu Kulathunga
- Tags: පුවත්

කැලණිය රජමහා විහාරස්ථානය මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දුරුතු මහා උත්සවයට සමගාමීව පවත්වනු ලබන හෙලේනා බාලිකා විද්‍යාලයේ පෙරහැර හේතුවෙන් අද (23) දින පස්වරු 3 සිට රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය සඳහන් කර ඇත්තේ, පෙරහැර හෙලේනා ප්‍රාථමික විද්‍යාලය අසලින් ආරම්භ වී ගල්බොරැල්ල, වලන්කඩ හන්දිය අසලින් මාවතට පිවිස බියගම මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුම අසලින් කැලණි රජමහා විහාරස්ථානයේ ප්‍රධාන වාහල්කඩින් ඇතුළු වීමට නියමිත බවයි.

ඒ අනුව අද පෙරහැර අවසන් වන තුරු පහත සඳහන් මාර්ගයන්වල ගමනාගමනය සීමා කරන අතර රථවාහන සැලැස්ම පහතින්.

- **කිරිබත්ගොඩ ටයර් හන්දිය දෙසින් පැමිණෙන සියලූම වාහන නුන්ගන්ගොඩ හන්දියෙන් තොරණ හන්දිය දෙසට යොමු කිරීම.**
- **බියගම මාර්ගයේ ගමන් ගන්නා සියලූම වාහන කැලණිය රජමහා විහරස්ථානයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමුකිරීම.**
- **පෑලියගොඩ දෙස සිට බියගම දෙසට පැමිණෙන සියළුම වාහන කැලණිසිරි වටරවුම ඔස්සේ කැලණි රජමහා විහාරස්ථානයේ ගඟවේල්ල මාර්ගයේ බියගම පාර වාහල්කඩ දෙසට යොමු කිරීම.**
- **පෙරහර ගමන් ගන්නා කැලණි සිරි වටරවුම විහාර මාවත කොටස සම්පූර්ණයෙන් වසා තබා ඇත.**
- **පෙරහර පෙර කොටස විහාර මාවත හන්දිය වෙත ගමන් කරන තෙක් මුල්ලේරියා - බියගම මාර්ගයේ බියගම දෙසට ගමන් ගන්නා රථවාහන පිටවීම සඳහා පමණක් යොමු කිරීම.**
- **බියගම මාර්ගයේ පැමිණෙන සියලූම වාහන කැලණි රජමහා විහාරයේ බියගම පාර වාහල්කඩ අසලින් ගඟවේල්ල මාර්ගය ඔස්සේ කැලණිසිරි වටරවුමට යොමු කිරීම.**
- **පෙරහර අවසානේ වලන්කඩ අසලින් විහාර මාවත වෙත සම්පූර්ණ කොටස ඇතුළුවීමත් සමඟ තුන්ගන්ගොඩ දෙසින් බියගම දෙසට ධාවනය කරනු ලබන වාහන රථවාහන නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ නිදහස් කිරීම හා බියගම දෙසින් වරාගොඩ මාර්ගයට පිවිසීමට නිදහස් කිරීම.**
- **පෙරහර කැලණිසිරි වටරවුම ආසන්නයට පැමිණෙනවාත් සමඟ බියගම පාර වාහල්කඩ ඔස්සේ රථවාහන ඇතුළුවීම නතර කර සාමාන්‍ය පරිදි මාර්ගය සකස් කිරීම.**
- **බියගම මාර්ගයේ පැමිණෙන රථවාහන බස් නැවතුම්පොළ අසලින් හෝ විහාර මාවත හන්දිය හරහා වරාගොඩ දෙසට යොමු කිරීම.**
- **පෑලියගොඩ පට්ටිය හන්දිය, නුවර පාර, පට්ටිය හන්දිය අසලින් වරාගොඩ මාර්ගයට පිවිසෙන වාහන තොරණ හන්දිය දෙසින් යොමු කිරීම.**