පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම නවතී.

පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර වෙළඳාම තාවකාලිකව ඇණහිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තාන ව්‍යාපාරික සංසදයේ සභාපති අස්ලම් පඛාලි පවසා ඇත්තේ පාකිස්තානයෙන් ශ්‍රී ලංකාවට හාල් හා රෙදි පිළි අපනයනයන් නැවතී ඇති බවත් පාකිස්තාන අල අපනයනය කිරීමද අඩුවෙමින් යන බවයි.

“ පාකිස්තානයෙන් නිශ්පාදන ආනයනය කරන්නේ ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවයි.ඔවුන් ඒවා ලංකාවේ අලෙවි කරනවා. ඔවුන් පාකිස්තාන අපනයනකරුවන්ගේ හවුල්කරුවන්.

පාකිස්තානයෙන් අපනයනය කළ භාණ්ඩ ශ්‍රී ලංකා වරායෙන් ගොඩ බාන්නේ නෑ. ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව ආනයනකරුවන් එම භාණ්ඩ නිදහස් කර ගන්නේ නෑ ” යනුවෙන් ඔහු පවසනවා.

කෙසේ නමුත් මේ පිළිබඳව පාකිස්තානයේ සිටින ශ්‍රී ලංකා තානාපති සමඟ සාකච්ඡා කළ බවත් සභාපතිවරයා පවසනවා තිබෙනවා.

මේ වන විට ශ්‍රී ලංකාවෙන් පාකිස්තාන ආනයනකරුවන්ට ඩොලර් මිලියන 30ක පමණ මුදලක් අයවිය යුතුව තිබෙන බවත් ඔහු සඳහන් කළා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න