ටෝගොලීස් ජනපති ශ්‍රී ලංකාවේ සංචාරයක

බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටෝගොලීස් රාජ්‍යයේ ජනපති ෆාවෝ ඥාසින්බේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. ඉකුත් 11 දා ශ්‍රී ලංකාවට පැමිණි ඔහු අමාත්‍ය අර්ජුන රණතුංග විසින් ගුවන් තොටුපොලේ දී පිළිගන්නා ලදියි.

ඊයේ දිනයේ ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමු විය. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ය. ටෝගෝ ජනාධිපතිවරයාට එහිදී උණුසුම් පිළිගැනීමක් හිමි විය.

දෙරට අතර ආර්ථික වෙළඳ සහ ආයෝජන අවස්ථා පුළුල් කරගැනීම පිළිබඳ සාකච්ඡා සිදුවී තිබේ. මෙහිදී ටෝගෝ ජනාධිපතිවරයා ශ්‍රී ලංකික ව්‍යාපාරිකයන්ට එරට ආයෝජනය කිරීමට සහ ව්‍යාපාරික අවස්ථා පුළුල් කරගැනීමට ආරාධනා කර තිබේ.

එමෙන්ම හෙට (14) සෙනසුරදා ටෝගෝ රාජ්‍යයේ පැවැත්වෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ සමුළුවට සහභාගී වීමේ අරමුණින් ජනපති ෆාවෝ අද ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.

ඔහුගේ දෙදින නිල සංචාරයේ අරමුණු අතර ශ්‍රී ලංකාවේ මෑතක සිදුවූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ තොරතුරු සොයා බැලීම ද ඇතුලත්ව පවතී. එමෙන්ම හෙට පැවැත්වෙන සමුළුවේ දී ශ්‍රී ලංකාව පිළිබඳ සාකච්ඡා කිරීමටත් ටෝගොලීස් ජනාධිපති ෆාවෝ ඥාසින්බේ අදහස් කර සිටියි.

ඔහු සමඟ 35කින් යුතු දූත පිරිසක් මෙරටට පැමිණියහ.