අද කාලගුණ වාර්තාව.

0
53

දිවයිනේ සහ දිවයිනට අවට මුහුදු ප්‍රදේශවල දැනට පවතින සුළංතත්වය ඉදිරි දින කිහිපයේදී අඩු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු, උතුරුමැද, වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය හා මාතලේ දිස්ත්‍රික්කවල ද සවස් කාලයේදී සුළගේ වේගය පැයට කිලෝමීටර් 50ත්, 60ත් දක්වා ඉහළ යා හැකි බවයි.

එමෙන්ම, බස්නාහිර, මධ්‍යම, වයඹ, සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් කියා සිටියේ.