අද කාලගුණය වෙනස් වන හැටි.

0
228

බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් තැනින් තැන අද (14) දිනයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

සෙසු ප්‍රදේශවල පස්වරු 2න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද (14) උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ අතර දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 25-35ත් පමණ වන බවයි ඔවුන් පවසන්නේ.

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 50-55 දක්වා වැඩි විය හැකි බවද ජනතාවට දැනුම් දෙනවා.

හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.