අද වැසි සහ සුළං වැඩිවෙයි.

0
57

නිරිතදිග මෝසම සක්‍රීය වීම නිසා දිවයිනේ නිරිතදිග කොටසේ වැසි හා සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව , මධ්‍යම , බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 -150 ත් අතර තද වැසි ඇති විය හැකි බවයි.

මේ අතර මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ධීවර හා නාවුක ප්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතු බවයි.