ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවන ටෙස්ට් තරඟයේ තෙවන දිනය අද.

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ තෙවන දිනය අදයි.

තරඟය කොළඹ පී සරා ඕවල් ක්‍රිඩාංගණයේදී පැවැත්වෙනවා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පළමු දින දෙකෙහිම තරඟයට වර්ෂාවෙන් බාධා එල්ල වුණා.

ඊයේ දිනයේ තරඟය නිමා කරන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 06ක් දැවී ලකුණු 144ක් ලබා සිටියා .