මිනිසාගේ අභ්‍යාවකාශ ජයග්‍රහණයේ 50 වන සංවත්සරය අදයි.

0
12

“මෙය මිනිසෙකුගේ එක් කුඩා පියවරක් වුවත් මිනිස් සංහතියේ දැවැන්ත පිම්මක්” ලෙස නීල් ආම්ස්ට්‍රෝං සඳ මත පා තබා සිදුකළ උදාන ප්‍රකාශ කරලා අදට අවුරුදු 50ක්.

ඒ කියන්නේ මිට අවුරුදු 50ට කලින් අද වගේ ජූලි 20 වැනි දිනයක්

ඇපලෝ 11ත් එක්ක අභ්‍යවකාශගත වෙන්නේ නීල් ආම්ස්ට්‍රෝං,මයිකල් කොලින්ස්ද සහ බුස් ඕල්ඩ්‍රින් කියන ගගනගාමීන්

මේ තුන්දෙනා තමයි ලෝකයේ ප්‍රථමයෙන් සඳමත පා තැබූ මිනිසුන් වෙන්නේ

ඔවුන් එහි පැය 21යි විනාඩි 36ක් ගතකොට නැවත පෘථීවියට පැමිණියේ සඳ තරණය කළ ප්‍රථම ජාතිය වීමේ ජනාධිපති ජෝන් එෆ්. කෙනඩිගේ සිහිනය සැබෑ කරමින්

කෙසේ වෙතත් සඳ මත පා තැබූ පළමු මිනිසා කියන ගෞරවය හිමි වෙන්නේ නීල් ආම්ස්ට්‍රෝංටයි

මේ ඓතිහාසික සිදු වීම පාදක කරගෙන ඇමරිකාවේ වොෂින්ටනයේ නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාවක් ඉදි කෙරුණා

ඇපලෝ 11 මෙහෙයුම සඳහා සහභාගී වූ අභ්‍යවකාශ ඇඳුම් කට්ටලයෙන් සැරසුණු නීල් ආම්ස්ට්‍රෝංගේ ප්‍රතිමාව ඉදිකර තිබෙන්නේ වොෂිංටනයේ ජාතික බේස්බෝල් ක්‍රීඩාංගණයේ.

මෙම ප්‍රතිමාව නීල් ආම්ස්ට්‍රෝංගේ ජීවමාන ප්‍රමාණයටම ඉදිකර තිබීමත් එහි විශේෂත්වයක් වෙනවා.