> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# Tiara රස හර යාත්‍රා - සිව් දෙසේ රස හදවත් යා කරමින් මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සාර්ථකව නිම කරයි.
- URL: https://www.citizen.lk/tiara-rasa-hara-yathra-successfully-concludes-the-kandy-esala-perahera-pilgrimage/
- Published: 2026-09-04T06:21:24.000Z
- Updated: 2026-09-04T13:27:32.000Z
- Author: Citizen News
- Tags: ව්‍යාපාරික

September 04 (Citizen News) - සිලෝන් බිස්කට් සමාගමේ (CBL), ප්‍රමුඛ පෙළේ කේක් සන්නාමය වන ටියාරා (Tiara) අඛණ්ඩව 2 වන වරටත් සංවිධානය කළ 'ටියාරා රස හර යාත්‍රා' මහනුවර ඇසළ පෙරහැර වන්දනාව, අගෝස්තු මස 27 වන දින සාර්ථකව නිම කෙරුණි.

Tiara සැමවිටම සිය ආයතනික සාමාජීය වගකීම හා සන්නාම විශ්වාසනීයත්වය මත පදනම්ව අර්ථවත් පාරිභෝගික සබඳතා ගොඩනැගීම සිදු කරන අතර 'Tiara රස හර යාත්‍රා' සංකල්පය ඒ අතර ප්‍රධාන තැනක් ගෙන ඇත.

මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව කෙතරම් ප්‍රවාහන පහසුකම් තිබුනද අධික මගී තදබදයක් දක්නට ලැබීම සුලබ කරුණකි. එපමණක් නොව මේ උතුම් කටයුත්තට සහභාගී වීමට ගමන් වියදම් සපුරාගැනීමට නොහැකි වීම වැනි ආර්ථික අපහසුතා වලින් සමන්විත පිරිසක් ද මේ අතර වීම උතුම් දළදා පෙරහැර වන්දනා කිරීමට 'Tiara රස හර යාත්‍රා' දියත් කිරීමට බල පෑ ප්‍රධාන හේතුන් වේ.

![](https://www.citizen.lk/content/images/2026/09/_DSC0590.jpg.jpeg)

***('ටියාරා රස හර යාත්‍රා' මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සඳහා එක් වූ බැතිමතුන්ට ටියාරා වෙතින් රසවත් සංග්‍රහයක්)**

මෙම සුවිශේෂී වැඩසටහන හරහා උතුම් දළදා පෙරහැර නැරඹීම සඳහා ප්‍රධාන දිස්ත්‍රික්ක කිහිපයක් ආවරණය වන පරිදි කොළඹ කොටුව, මාකුඹුර, පානදුර, ගාල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ මහියංගණය යන ප්‍රදේශවලින් ඓතිහාසික ඇසළ පෙරහැර වන්දනාමාන කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දීම සිදු කරනු ලැබු අතර, එය ඉතා ක්‍රමවත්, ආගන්තුක සත්කාරයෙන් පිරි, ආරක්ෂාව හා සුවපහසුව මුසු වූ අත්දැකීමක් විය.

![](https://www.citizen.lk/content/images/2026/09/EWF06431.jpg--1-.jpeg)

***('ටියාරා රස හර යාත්‍රා' මහනුවර ඇසළ පෙරහැර වන්දනාව සඳහා සුදානම් වෙමින්)**

Tiara යනු තවත් සන්නාමයක්‌ පමණක් නොවී පාරිභෝගිකයින්ගේ රුචිඅරුචිකම් හඳුනා ගැනීමෙන් ඔබ්බට ගොස් ඔවුන්ගේ අධ්‍යාත්මික වටිනාකම් හඳුනාගෙන එයට වටිනාකමක් එක් කිරීමට නිරන්තරයෙන් කැපවන සහ පාරිභෝගිකයන් ආදරය කරන සන්නාමයක් බවට පත් වී ඇත.