තුම්මෝදර කලහකාරී සිද්දියේ කවුරුත් නොසිතු පුද්ගලයෙක් CCTV එකෙන් පත්තු වෙයි.

0
1073

පසුගිය දිනවල ස්ථාන කිහිපයක් මූලික කරගනිමින් ඇතිවුන කලහකාරී සිද්ධීන් සම්බන්ධව මේ වනවිට පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.ඒසඳහා සමාජ මාධ්‍ය හරහා සංසරණය වුනු එවැනි සිද්ධීන් හා සම්බන්ධ වීඩියෝ පට වෙනුවෙන්ද විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

කෙසේ වෙතත් තුම්මෝදර ප්‍රදේශයේ ඇතිවූ මෙවැනි කලහකාරී සිද්ධියකට අදාලව එලෙස ප්‍රචාරය වූ වීඩියෝ පටයක් සම්බන්ධව මේ වනවිට ආරක්ෂක අංශ අවධානය වැඩි වශයෙන් යොමව තිබෙනවා. ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරෙන එම පිරිස අතර යුධ හමුදා නිල ඇඳුමකට සමාන ඇඳුමින් සරසි සිටින පුද්ගලයෙකු සිටීම එයට හේතු වී තිබෙනවා.

ශ්‍රී ලංකා යුධ හමුදා මුලස්ථානය මගින් විශේෂ නිවේදනයක්ද නිකුත් කරමින් මේ බව සඳහන් කර සිටිනවා.

මෙම පුද්ගලයා හඳුනා ගැනීමට ආරක්ෂක අංශ මහජන සහය පතන අතර ඒ සම්බන්ධ තොරතුරක් වෙතොත් 011-251 4280 වෙත අමතන ලෙස ඉල්ලීමක් කරනවා.