රාහුල් ගාන්ධිව පරදා තුල්සි ඉදිරියට.

කොන්ග්‍රස් පක්ෂයේ නායක රාහුල් ගාන්ධි භාරතීය ජනතා පක්ෂයේ අපේක්ෂිකා Smriti Irani හමුවේ පරාජයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන් දෙදෙනා උත්තර් ප්‍රදේශයේ ඇමති ආසනය සඳහා තරඟ වැදුණා. එහිදී Smriti Irani ජන්ද 104, 498 ක් මේ වනවිට ලබා සිටින අතර රාහුල් ගාන්ධිට හිමිවින් ඇත්තේ 94, 732ක් පමණයි.

භාරතීය ජනතා පක්ෂයේ Smriti Irani, ශ්‍රී ලංකාවේ ඉතා ජනප්‍රිය මාලා නාටකයක් වූ මහගෙදර ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හෙවත් තුල්සි විරානිගේ චරිතය රඟපෑ අතර පසුව ඇය දේශපාලනයට පිවිසියා.

මෝදි රජයේ ප්‍රභල අමාත්‍යවරියක් වූ ඇය ඉන්දියාවේ ඉතා ජනප්‍රිය චරිතයක්.

2004 වසරේ සිට මෙම ආසනය ජයග්‍රහණය කළ රාහුල් ගාන්ධි Smriti Irani හමුවේ පරාජයට පත්වීම කොන්ග්‍රස් පක්ෂය මුහුණදෙන බරපතළ ඛේදවාචකයක් බවයි ඉන්දීය දේශපාලන විචාරකයින්ගේ මතය වී ඇත්තේ.