> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# ත්‍රීරෝද රථ ගාස්තු ඉහළට
- URL: https://www.citizen.lk/three-wheeler-fares-increase/
- Published: 2026-03-23T11:22:16.000Z
- Updated: 2026-03-23T11:22:38.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

March 23 (Citizen.lk News)- අද (23) සිට ක්‍රියාත්මක වන පරිදි ත්‍රිරෝද රථ ගාස්තුව රුපියල් 10 කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව මෙතෙක් පළමු කිලෝමීටරයට අයකළ ගාස්තුව රුපියල් 100 සිට රුපියල් 110 දක්වා ඉහළ දමා ඇති බවයි බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සඳහන් කරන්නේ.

තවද, දෙවන කිලෝමීටරයේ සිට වැඩිවන සෑම කිලෝමීටරයකටම රුපියල් 90 (පෙර මිල රු.80) දක්වා මිල සංශෝධනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.