දඹුල්ලෙන් ජීව අත්බෝම්බ 3ක් සොයාගැනේ.

0
76

දඹුල්ල නගර මධ්‍යයට කිලෝමීටර් කාලක් පමණ දුරින් ගල්වැටියාය ප්‍රදේශයේ මාර්ගයක් අසල දමා ගොස් තිබූ ජීව අත්බෝම්බ තුනක් අද පෙරවරුවේ සොයා ගත් බව දඹුල්ල පොලීසිය සඳහන් කළා.

මෙම ප්‍රදේශයට හරකුන් බැඳීම සඳහා ගිය තරුණයකු තම ගවයාගේ කකුලේ පැටලුණු පොලිතින් බෑගයක තිබී මෙම බෝම්බ තුන විසි වෙනු දැක දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට දැනුම් දී තිබෙනවා.

වහාම ක්‍රියාත්මක වූ පොලීසිය එම ස්ථානයට පැමිණ පරීක්ෂා කර ප්‍රදේශය ආරක්ෂිත ස්ථානයක් බවට පත්කොට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශයට මේ බව දැනුම් දීමට පියවර ගනු ලැබුවා.

මේ දිනවල දඹුල්ල ප්‍රදේශයේ සිදුකරන විශේෂ සෝදිසි මෙහෙයුම් නිසා යම් කිසි අයෙකු බියට පත්ව මෙම බෝම්බ තුන ගෙනවිත් දමන්නට ඇති බව පොලීසිය සැක කරනවා.

මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට සීගිරිය ගුවන් හමුදා කඳවුරේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය ලවා මෙම බෝම්බ නිෂ්ක්‍රීය කිරීමට නියමිත බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ජීව අත්බෝම්බ මෙම ස්ථානයට ගෙනැවිත් දැමුයේ කවුරුන්ද යන්න සොයා බැලීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් මේ වනවිටත් පත්කර ඇති බව පොලීසිය වැඩිදුරටත් පැවසුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here