ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ ගිවිසුම් 3කට ජනපති අත්සන් තැබීමට සැරසෙයි.

0
137

ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සහ සංවර්ධනයට අදාළ සුවිශේෂ ගිවිසුම් තුනකට ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන සහ චීන රජය අද අත්සන් තැබීමට නියමිතයි.

එරට නිල සංචාරයක නිරත ජනාධිපතිවරයා, චීන ජනාධිපති ෂී ජිං පින් ද මුණගැසී ඇති අතර, එහිදී පසුගියදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගෙන ඇති ආරක්ෂක විධිවිධාන පිළිබඳවද සාකච්ඡාවට ලක්ව තිබෙනවා.

මේ අතර ජනාධිපතිවරයා කළ විශේෂ ඉල්ලීමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා නව ජීප් රථ 100 ක් ලබාදීමටද චීන රජය එකඟතාව පළ කර ඇති බව සඳහන්.

එමෙන්ම හෙට බීජිංහිදී ආරම්භ වන ආසියානු ශිෂ්ඨාචාරයන් පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේදී රටේ පවතින වර්තමාන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමටද ජනාධිපතිවරයා කටයුතු කරනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.