තව්හීත් ජමාත් නිසා හලාවත උණුසුම් වෙයි.

0
4508

ශ්‍රී ලංකා තව්හීත් ජමාත් සංවිධානයේ හලාවත කාර්යාලය හා යාඥා කිරිමේ මධ්‍යස්ථානය වශයෙන් හලාවත වට්ටක්කලිය පවත්වා ගෙන ගිය නිවසට හා එහි තාප්පයකට අද (12) මැර ප්‍රහාරයක් එල්ල වී ඇති බව හලාවත පොලිසිය සඳහන් කළා.

සංවිධානය වී පැමිණි පිරිසක් කෑ කෝ ගසමින් ප්‍රථමයෙන්ම නිවසේ තාප්පය පෙරලා බිම දැමු අතර පසුව පිරිස එම වත්තට ඇතුළු වී එහි තිබු නිවසේ ජනෙල් වල වීදුරු වලට පහර දුන් බව ප්‍රදේශවාසීන් පැවසුවා.

පසුව හලාවත පොලිසිය හා යුද හමුදා භට පිරිස් පැමිණි කළහකාරීන් සහ එම සිද්ධිය ජායාරූප ගත කිරිමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ද පලවා හැරිය අතර මේ වන විට එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පනවා තිබෙනවා. හෙට (13) පෙරවරු 6.00 දක්වා මෙලෙස පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here