කුවේට්හි දී අතරමං වු කාන්තාවන් 30ක් දිවයිනට.

කුවේට් පොලිස් රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 30 දෙනෙකු අද (21) දින අලුයම කටුනායක ගුවන් තොටුපල වෙත එවා තිබෙනවා.

මෙම කාන්තාවන් අතරින් වැඩි පිරිසක් කුවේටයේ නේවාසිකාගාර තම මුදලින් මිලදී ගෙන, ඒවායේ නැවතී සිටිමින් එරට විවිධ ආයතන වල රැකියා කරමින් සිටි අය බවයි වාර්තා වන්නේ.

ඔවුන් එසේ කටයුතු කරමින් සිටියදී, එරට රැකියා ඒජන්සිකරුවන් සංවිධානාත්මකව, එම නේවාසිකාගාර වෙත කඩා වැදී, තමන් කුවේට් පොලීසියෙන් බව හඟවමින්, මෙම කාන්තාවන් එතෙක් උපයා ගෙන තිබූ මිල මුදල්, රත්තරන් බඩු, වෙනත් විදුලි උපකරණ ඇතුළු ඔවුන් සතු වටිනා දෑ සියල්ල සමඟින් මෙම කාන්තාවන් ද පැහැරගෙන ගොස් තිබෙනවා.

ඉන්පසුව මෙම කාන්තාවන්ට දැඩි ලෙස පහර දෙමින්, වෙනත් ස්ථානයක දින ගණනාවක් රඳවා ගෙන සිට පසුව කුවේට් පොලීසියේ අත්අඩංගුවට පත් වන ආකාරයට මෙම ගෘහ සේවිකාවන් මහ මග දමා ගොස් තිබුණා.

පසුව කුවේට් පොලීසිය, ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධ වෙමින් මෙම ගෘහ සේවිකාවන් පිරිස මෙසේ ශ්‍රී ලංකාවට එවා තිබෙනවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න