බන්ධනාගාර ගත කළ වහා තෙවරප්පෙරුම ඇමතිවරයා අසනීප වේ

රක්ෂිත බන්ධනාගාර ගත කළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම කළුතර බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ ඊයේ (10) පස්වරු 5.30 ට පමණ මන්ත‍්‍රීවරයා කළුතර බන්ධනාගාරයට රැගෙන ආ බවයි. මතුගම අධිකරණ සංකීර්ණයේ සිටියදීම ඔහු රෝගී වූ බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.

මේ හේතුවෙන් කළුතර බන්ධනාගාරයට රැගෙන ආ මන්ත‍්‍රීවරයා බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබේ.

රෝගී තත්ත්වය සුව වු පසු මන්ත‍්‍රීවරයා රෝහලෙන් කඩිනමින් ඉවත් කර සිර මැදිරියේ රඳවා තැබීමට පියවර ගන්නා බවයි බන්ධනාගාර ආරංචි වැඩිදුරටත් කියා සිටියි.