“ඇමති බදූර්දීන්ට එරෙහි රතන හිමිගේ විශ්වාසභංගයට ඒකාබද්ධයේ සහය නැහැ.” – රංජිත් ද සොයිසා

0
5007

රිෂාඩ් බදුර්දින් අමාත්‍ය අමාත්‍යවරයා ඉවත් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතනහිමියන් ගෙන ඒමට යෝජිත විශ්වාසභංගයට ඒකාබද්ධ විපක්ෂයේ සහයෝගය ලබා නොදීමට තීරණය කර ඇති බව එහි උපසභාපති, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා පවසනවා.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට කටයුතු කළ අතුරුලියේ රතන හිමියන්ට වත්මන් ත්‍රස්තවාදය පරාජය කිරිමට කිසිම යෝජනාවක් ගෙන ඒමට අයිතියක් නොමැති බවත් ඔහු ප්‍රකාශ කළා.

“අතුරලියේ රතන හාමුදුරුවෝ වැනි උදවිය කියනවා රිෂාඩ් බදුර්දින් ඇමතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එනවා කියලා. රිෂාඩ් බදුර්දින් ඇමතිවරයා පළවා හැරීම සම්බන්ධයෙන්යෙන් අපිට කිසිම ගැටලුවක් නෑ. ඔහු අන්තවාදීන් පෝෂණය කළ පුද්ගලයෙක්. ඔහුට එරෙහිව රජය විසින් කිසිදු පියවරක් ගන්නෙ නෑ. ඒ සඳහා සියලු සාක්ෂි තිබෙනවා.

මේ විතරක් නෙමෙයි අන්තවාදය වපුරනවාන්නේ උත්සහ කරපු සියළුම මුස්ලිම් අන්තවාදී නායකයින් ගැන අපගේ බරපතළ ගැටලුවක් තිබෙනවා. නමුත් මේ සියලු කටයුතුවල මූලාරම්භය වුනේ 2015 ජනවාරි අටවෙනි දින මෙරට විජාතිකයන්ට පාවා දෙන ආකාරයට ගල් ලෙන බිඳලා ලෙන්දොර ඇරලා මහින්ද රාජපක්ෂ එළියට අරගෙන්මහින්ද රාජපක්ෂ මහතා පරාජය කරන්න මුල් වෙච්ච අතුරලියේ රතන හා හාමුදුරුවන්ට මේ ත්‍රස්ත ත්‍රස්තවාදී පරාජය කරන්න කිසිදු අයිතියක් නෑ. ඒ නිසා උන් වහන්සේ ගෙන එන කිසිදු යෝජනාවකට අපගේ සහය සහයෝගයක් නෑ. ඒක වගකීමෙන් යුක්තව කියන්න ඕන.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here