ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර සටන අද ඇරඹෙයි.

0
28

ලෝක කුසලාන එක්දින කි‍්‍රකට් තරඟාවලියේ ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරඟය ලන්ඩන්හිදී අද පැවැත්වෙනවා.

ශී‍්‍ර ලංකාව මෙවර තරඟාවලියේ මේ දක්වා තරඟ 4කට සහභාගි වී එක් තරඟයක් ජය ගෙන එක් තරඟයක් පරාජයට පත්ව සිටිනවා. තවත් තරඟ දෙකක් වර්ෂාව හේතුවෙන් අත්හැර දැමුණා.

ඒ අනුව ශී‍්‍ර ලංකාව ප‍්‍රසාද ලකුණු 4 ක් හිමි කර ගෙන එම ලකුණු සටහනේ 5 වන ස්ථානයේ රැදී සිටිනවා.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම තරඟ 4 කට සහභාගි වී තරඟ 3 ක් ජයගෙන ඇති අතර එක් තරඟයකින් පරාජයට පත් වුණා. ප‍්‍රසාද ලකුණු 6 ක් සමඟ ඔවුන් එම ලකුණු සටහනේ 3 වන ස්ථානයේ රැදී සිටිනවා.