උලමා සංවිධානය මුස්ලිම්වරුන්ගෙන් ඉල්ලීමක් කරයි.

0
583

සමාජ මාධ්‍යවල අනවසර දෑ ප්‍රචාරණය නොකරමින්, සාමකාමීව සහ ඉවසීමෙන් කටයුතු කරන්නැයි මුස්ලිම් ප්‍රජාවේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සමස්ත ලංකා ජම්ඉයියතුල්ලා උලමා සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

හලාවත ඇති වූ අවාසනාවන්ත තත්වය සම්බන්ධයෙන් කනගාටුවට පත්වන බවත් පාස්කු ඉරිදා එල්ල වූ මිලේච්ඡ ප්‍රහාරයෙන් පසු සියලු දෙනා දුක, කනගාටුව සහ ශෝකය බෙදාගැනීම අත්‍යවශයෙන්ම කළ යුතු බවත් එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

බොහෝ දෙනා මුස්ලිම් ජනතාව දෙස සැකයෙන් සහ තරහෙන් බලන මොහොතක මුස්ලිම් ප්‍රජාව වෙනදාටත් වඩා තමන් කරන කියන දෑ පිළිබඳව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද එම සංවිධානය සිය නිවේදනයෙන් මගින්ඉල්ලා සිටිනවා.

හලාවත ඇති අවාසනාවන්ත තත්වයට හේතු වූ ක්‍රියාව හෙළා දකින බවත් රටින් ත්‍රස්තවාදය තුරන් කිරීමට තිබෙන්නේ සාමය සහ ඉවසීම බවත් එය දුෂ්කර වුවත් තිබෙන එකම මාර්ගය එය බවත් එම නිවේදනයේ තවදුරටත් දැක්වෙනවා.