ලොක්කෙකුගේ සුපිරි රථයෙන් ආපු ආරක්ෂකයන්, දෙනෝදාහක් මැද වෑන් රථයකට පහරදෙයි.

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ නුවර දෙසට ධාවනය වූ ජිප් රථ දෙකකට ඉදිරියෙන් ගමන් කළ වෑන් රථයක් පසුකර යාමට ඉඩ ලබා නොදීම හේතුවෙන් ජිප් රථයේ සිටි ආරක්ෂක නිලධාරින් විසින් වෑන් රථයට පහරදී තිබෙනවා.

කලගෙඩිහේන ප්‍රදේශයෙන් මාර්ගයේ අළුත්වැඩියා කටයුත්තක් සිදු කිරීම හේතුවෙන් මාර්ගය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබූ බව වෑන් රථයේ රියදුරු සඳහන් කළා.

එම නිසා පසු පසින් පැමිණි ජිප් රථ දෙකකට සිය රථය පසුකරයාමට අවස්ථාවට ලබාදීමට නොහැකි තත්ත්වයක් තිබූ බව ද ඔහු පැවසුවා.

එහෙත් එම අවස්ථාවේ ජිප් රථ දෙකෙහි පැමිණි ආරක්ෂක නිලධාරින් විසින් මාර්ගය හරස්කොට වෑන් රථයට පහරදීමක් සිදු කර තිබෙනවා.

එම අවස්ථාවේදී වෑන් රථයේ රියදුරු විසින් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට මේ පිළිබඳ දැනුවත් කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් අදාළ ජිප් රථ දෙක වෑන් රථයට පහරදී පලාගොස් ඇති බව වෑන් රථයේ රියදුරු සඳහන් කළා.

එම ජිප් රථ දෙකෙහි දෙකෙහි අංක WP – CAD 8850 දරණ ඩිෆෙන්ඩර් රථයත්, WP – CAG 0550 දරණ ප්‍රාඩෝ රථයත් වන බවයි වෑන් රථයේ රියදුරු පැවසුවේ.

Posted by Kamal Sooriarachchi on Wednesday, 17 July 2019

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න