> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් ජනතාවගෙන් 69.56% කට බෙදා අවසන් -ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම්
- URL: https://www.citizen.lk/the-rs-25-000-allowance-has-been-distributed-to-69-56-of-the-affected-people/
- Published: 2025-12-22T06:22:25.000Z
- Updated: 2025-12-22T08:34:29.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්

දිට්වා සුළි කුණාටුවෙන් පසු පවුල් නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය මූලික කටයුතු සිදු කර ගැනීම සඳහා ලබාදෙන රුපියල් 25,000 ක දීමනාව ආපදාවට පත් පිරිසෙන් 69.56% ක ප්‍රමාණයකට බෙදා හැර අවසන් බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ සඳහන් කරනවා.

ඒ අනුව, මේ වන විට ගෙවීමට ඇති සුදුසු නිවාස සංඛ්‍යාව 469,457 ක් ලෙස ගණනය වී ඇති බවත්, මේ වන විට එම නිවාස අතුරින් නිවාස 299,513 කට එම මුදල ගෙවා අවසන් බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම ආපදාවට පත්වූවන්ට අවශ්‍ය දීමනා ලබාදීම සඳහා රජය විසින් රුපියල් බිලියන 7,487 ක වැය බරක් දරා ඇති බවයි ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ සහකාර ලේකම් ජයතිස්ස මුණසිංහ වැඩිදුරටත් සඳහන් කර සිටියා.