> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේ දී සැලකිලිමත් වන්නැයි මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලිමක්
- URL: https://www.citizen.lk/the-road-development-authority-has-requested-drivers-to-be-careful-when-driving-on-the-expressway-due-to-the-prevailing-bad-weather/
- Published: 2026-05-13T05:49:15.000Z
- Updated: 2026-05-13T05:49:15.000Z
- Author: Dhanu Kulathunga
- Tags: දෙස්, පුවත්

May 13 (Citizen.lk News) - පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන ධාවනය කිරීමේදී විද්‍යුත් පුවරුවල සඳහන් අවවාදාත්මක වැකි කෙරෙහි අවධානය යොමු කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

කාලගුණය අයහපත් වීම හේතුවෙන් දහවල් කාලයේද කළුවර සහ මීදුම් තත්ත්වයක් ඇතිවී තිබීම හේතුවෙන් සිය වාහනවල ඉදිරිපස ලාම්පු දල්වා ධාවනය කරන ලෙසත් රියදුරන්ට දැනුම් දී ඇත.

එසේම, පැයට කිලෝමීටර් 60ක සීමාවේ තබාගෙන පාලනය කරගත හැකි වේගයකින් හා පරතරය තබාගෙන වාහන පදවන ලෙසත් හා අධික වේගයෙන් ධාවනය කරන විට එකවරම තිරිංග යෙදීම අනතුරුදායක බවත් එම අධිකාරිය ජනතාවට දැනුම් දී ඇත.