මෝල්ටා අගමැති සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි

මෝල්ටා අගමැති  ජෝශප් මස්කට් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එරට ගවේෂණාත්මක මාධ්‍යවේදිනියකගේ ඝාතනය හේතුවෙන් අගමැතිවරයා ප්‍රමුඛ රජයට දැඩි
මහජන විරෝධයක් එල්ල වුනා. එමනිසා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට අගමැතිවරයා නිවේදනය කර තිබෙනවා.

ඒ එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව අමතමින්ය.

ගවේෂණාත්මක මාධ්‍යවේදිනියක වන ඩැෆ්නි කරුවානා ගලීසියා ඝාතනය සම්බන්ධයෙන් පැවති විමර්ශනය වත්මන් රජය අර්බුදයට ලක්වීමට බලපෑ ප්‍රධානම හේතුවයි.

2017 දී ගලීසියා මිය යන විට ආරම්භ වූ මෙම නඩුව සම්බන්ධයෙන් ඉල්ලා අස්වීමට අගමැති  ජෝශප් මස්කට් දැඩි පීඩනයකට ලක්ව සිටියේය.

පැවති විමර්ශනය ඉකුත් සෙනසුරාදා එරට ප්‍රකට ව්‍යාපාරිකයෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට හේතු වූ අතර ඔහු රජයේ අමාත්‍යවරු සහ ඉහළ පෙළේ නිලධාරීන් සමඟ සබඳතා පවතින අයෙකු වීම හේතුවෙන් අගමැතිවරයාට එරෙහිව පීඩනය තවත් උත්සන්න වුණි.

මේ අනුව රටේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ කටයුතු ලබන වසරේ ජනවාරි 12 වැනිදා ආරම්භ කිරීමට නියමිත බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න