ලෝකයේ සුපිරිම ගොඩනැගිලිවලට විතරක් භාවිතා කළ තීන්ත තාක්ෂණය ඔබේ නිවසටත්.

0
43

Alpha Omega (Pvt) Ltd iy FPS Projects (Pvt.) සමාගම් ද්විත්වයේ ඒකාබද්ධ සමාගමක් වන FPS Alpha (Private) Ltd ‘ඩියුලක්ස්’ සන්නාමය යටතේ හඳුන්වා දෙනු ලැබූ නවතම Weather shield නිෂ්පාදනයක් වන “Creation” හි සැපයීම් සහ යෙදවීම් සම්බන්ධ ප්‍රධාන කොන්ත්‍රාන්තුවට අත්සන් කිරීම පසුගියදා සිදුවුණා.

ලොව අති නවීන තාක්‍ෂණයෙන් සමන්විත සැරසිලි සහ අලේපන තීන්ත නිෂ්පාදන රැසකින් යුතු ඩියුලක්ස් හි සන්නාම හිමිකාරීත්ව දරණු ලබන්නේ Akzo Nobel විසින්. දේශීය තීන්ත නිෂ්පාදන වෙළෙඳපළ තුළ ප්‍රමඛ ස්ථානය හිමිකරගෙන් ඇති ඩියුලක්ස්, සමාන්තර නිෂ්පාදනයන් අතර පොදු නාමයක් බවට පත්ව තිබෙනවා.

Moot Manor (Pvt) Ltd හි ව්‍යාපාරික වත්කමක් ලෙස කොළඹ ව්‍යාපාරික කේන්‍ද්‍රස්ථානයෙහි ඉදිවන M2M Verandah සංවර්ධන ව්‍යාපෘතිය සඳහා FPS Alpha විසින් මෙම සුවිශේෂී Dulux Weathershield නිෂ්පාදනය උපයෝගී කරගැනීමට ඉදිරිපත්ව තිබෙනවා.

මෙම සුවිශේෂි ව්‍යාපෘතියේ හිමිකාරීත්වය දරණ රෂීඩ් මූසාජී මහතා ප්‍රකාශ කර සිටියේ ඉදිරියේදී නගරයේ සැමදෙනාගේම අවධානය දිනාගත් ස්ථානයක් බවට මෙම M2M නිසැකයෙන්ම පත්වන බවයි. එබැවින් ඔහු විසින් මෙහි සුවිශේෂී බව සහ පැවැත්ම සම්බන්ධයෙන් පූර්ණ අවධානයක් යොමු කරමින් සියලු කාර්යයන් සිදු කරනා අතර, ඒ සඳහා වාස්තු විද්‍යාත්මක පක්‍ෂයෙන් ලොව පිළිගත් නෙදර්ලන්ත MDRT සමාගමේ දායකත්වය ලබාගැනීමට ඉදිරිපත් වී තිබෙනවා. ඔවුන් දේශීය ප්‍රමුඛ පෙළේ ගෘහ නිර්මාණ ශිල්පීන් වන ACS Integrated සහ Philip Weeraratne Associates (PWA) සමඟ ඒකාබද්ධ වෙමින් මෙම කාර්යය ප්‍රමිතියෙන් යුතුව නිමකිරිමට යොමු වී තිබෙනවා.

“මෙය අනාගතයේදී අද්විතීය ව්‍යාපෘතියක් වන බවට කිසිදු සැකයක් නොමැත.” යනුවෙන් ප්‍රකාශ කරණු ලැබුවේ තීන්ත සහ අලේපන කර්මාන්තයේ ප්‍රකට පෞරුෂයකින් හෙබි FPS Alpha හි කළමණාකාර අධ්‍යක්‍ෂ ජෙරල්ඩ් ඩි සාරම් මහතායි. තවද Akzo Nobel දේශීය මෙහෙයුම් කාර්යයේදී ලබාදුන් නායකත්වයේ සිට මෙම ව්‍යාපෘතිය සඳහා සිදුකළ සුවිශේෂී ගිවිසුම අත්සන් කිරීම දක්වාFPS Alpha ලැබූ ජයග්‍රහණ ප්‍රශංසනීය යැයිද ප්‍රකාශ කර සිටියා.

සිය සේවා කාලයෙන් වැඩි කාලයක් මෙම ක්‍ෂේත්‍රයේ සේවාවන්ගේ නියුතුව ඇති ඔහු එයින් ලැබූ අසීමිත වූ දැනුම සහ අත්දැකීම් සිය ගනුදෙනු කරුවන් සමඟ බෙදාගැනීමට නිරන්තරව ඉදිරිපත් වනවා. “තීන්ත කර්මාන්තය කියන්නේ එක්තරා දුරකට තාක්‍ෂණික කර්මාන්තයන්. මේ නිසා සේවා දායකයන් හට මේ සම්බන්ධයෙන් තිබෙන්නේ අඩු අවබෝධයක්. මේ නිසා එවැනි අය වෙනුවෙන් පිළිවිතරයන් සැකසීමේදී ඔවුන් අපේක්‍ෂා කරන්නේ කුමක්ද යන්න අවබෝධ කරගැනීම සඳහා අපගේ අත්දැකීම් සහ බුද්ධිය අවශ්‍ය වෙනවා. දිගු කාලයක් පුරා මේ ක්‍ෂේත්‍රයේ කටයුතු කළ තරඟකාරී ආයතන සමඟ මෙම කොන්ත්‍රාත්තුව දිනාගැනීම සඳහා කටයුතු කිරීමේදී මම විශ්වාස කළ දෙයක් වූයේ ආයතනයක් විදිහට FPS Alpha වෙත කළයුතු කාර්යයන් විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ නිසා අප පවසන්නේ කුමක්ද යන්න පිළිබඳ විශ්වාසය අප සතුවුණා පමණක් නොව එම විශ්වාසය Moot Manor ආයතනය වෙත ලබාදීමට අපට හැකියාව ලැබුණා.”

දේශීය ගෘහ නිර්මාණ ශිල්පී සම්බන්ධිකරණ කටයුතු පිළිබඳ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී මෙන්ම ACS Integrated ගෘහ නිර්මාණ ශිල්පී නදීක සමරණායක මහතා “මෙම ව්‍යාපෘතිය සඳහා FPS Alpha ආයතනය සම්බන්ධ කරගැනීම සම්බන්ධයෙන් අප සතුටුවෙනවා. වෘත්තීයමය අතින් ඉතාම ඉහළ තැනක ඉන්නා ඔවුන්, නිශ්චිත කාලරාමුකට කටයුතු කරණ, අපට අවශ්‍ය සියලුම තාක්‍ෂණික මඟපෙන්වීම අවශ්‍ය වූ සැණින් ලබාදෙන සහ තරඟකාරී මිල ගණන් යටතේ මේ සියල්ල ලබාදෙන ආයතනයක්.” යනුවෙන් පැවසුවා. තවදුරටත් විස්තර කරමින් එම මහතා ප්‍රකාශකර සිටියේ “අනාගතයේ තවත් බොහෝ ව්‍යාපෘති වලදී ඔවුන් සමඟ වැඩකිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන්.

FPS Alpha දේශීය තීන්ත වෙළෙද පළ තුළ රැඳී සිටීමට අමතරව Akzo Nobel ආයතනයේ ඉහළ කාර්යසාධනයක් ඇති ආරක්‍ෂිත තීන්ත වරගයන් හි ශ්‍රී ලංකා සහ මාලදිවයින් එකම අළෙවි නියෝජිතවරයාද වනවා. “International” සහ “Devoe” යන සන්නාමයන් යටතේ අළෙවි කරනු ලබන මෙම සුවිශේෂි ආලේපන, පෘෂ්ඨ මතුපිට ආලේපනයෙන් රසායන, විඛාදනය සහ ගිණි තත්ත්වයන්ට මනාව ඔරොත්තු දෙමින් දිගුකාලීන පැවැත්මක් ඇතිකරනවා. FPS Alpha විසින් ඉදිරිපත් කරණු ලබන Akzo තාක්‍ෂණය ඔස්සේ නායකත්වය සහ පරිසරය ඔස්සේ උස් ගොඩනැගිලි ආරක්‍ෂා කිරීම සහ අලංකාර කිරීම, වානේ ව්‍යුහ විඛාදනය සහ ගිණි ආරක්‍ෂණය, පාලම් සහ ගුවන් පාලම් ආලේප කිරීම, ඉන්ධන ගබඩා ආරක්‍ෂණය, ජල සහ සුළං බල උත්පාදන ව්‍යාපෘති ආරක්‍ෂණය සඳහා අවශ්‍ය නායකත්වය සහ පරිසරය නිර්මාණය කරනු ලබයි. ලෝක ප්‍රකට ඉදිකිරීම් රැසක ආකෘති සඳහා Akzo තාක්‍ෂණය යටතේ නිෂ්පාදන ආලේපනයෙන් ආරක්‍ෂාව තහවුරු කිරීමට සමත්ව ඇති අතර බීජිං ඔලිම්පික් ක්‍රීඩාංගනය (Bird’s Nest&) ලන්ඩන් ඇස ( The London Eye) නිව්යෝර්ක් ටයිම්ස් ගොඩනැඟිල්ල, සිංගප්පූරුවේ Marina Bay Sands කිහිපයක් වනවා. දේශීය වශයෙන් නෙළුම් කුලුණ, ජොන් කීල්ස් ජලතීර ව්‍යාපෘතිය මෙම තාක්‍ෂණය යටතේ ආරක්‍ෂාව තහවුරු කරගත් ඉදිකිරීම් වලින් අතළොස්සකි.

හුදෙක් තීන්ත බෙදාහරිනෙකුගේ දැක්මෙන් එහා ගිය දැක්මක් FPS Alpha සතුව ඇත. ඔවුන් තම ඉලක්කය ලෙස දකින්නේ ඔවුනගේ ගනුදෙනුකරුවන් සමඟ තිරසර සබඳතාවක් ගොඩනඟා ගැනීම සහ ඔවුනගේ මෙහෙයුම් කාර්යක්‍ෂමතාවය වර්ධණය කරගන්නා අතරම සේවා දායකයන්ගේ පිරිවැය අඩු කරමින් ඔවුනගේ ව්‍යාපාරික සංකීර්ණතාව අඩු කිරීමයි.