> ## Content Index
> Fetch the complete content index at: https://www.citizen.lk/llms.txt
> Use this file to discover other available public pages before exploring further.

# උතුරු දුම්රිය මාර්ගයත් විවෘත වෙයි
- URL: https://www.citizen.lk/the-northern-railway-line-will-also-be-opened/
- Published: 2026-04-07T07:12:18.000Z
- Updated: 2026-04-07T07:12:55.000Z
- Author: Deepali Jayasundara
- Tags: දෙස්

April 07 (Citizen.lk News) - දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් උතුරු දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු යාපනය සහ කංකසන්තුරය දක්වා යළි දුම්රිය ධාවනය ලබන බ්‍රහස්පතින්දා ආරම්භ කෙරෙනවා.

ඒ අනුව යාපනය නගරාන්තර දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය බ්‍රහස්පතින්දා සිටත් යාල් දේවී දුම්රිය ලබන සිකුරාදා සිටත් දිනපතා ධාවනයට සැලසුම්කර තිබෙනවා.

සුළි කුණාටුව හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ස්ථාන 14කට දැඩි ලෙස හානි සිදුවූ අතර විනාශයට පත් දුම්රිය මාර්ගයේ සියලු ස්ථාන ඉන්දීය රජයේ ප්‍රදානයක් මත ලැබුණු ඩොලර් මිලියන 5ක් වැයකරමින් ප්‍රතිසංස්කරණය කෙරුණා.

එසේම මහව ඕමන්තේ මාර්ගය නවීකරණයට අදාළව පාලම් 5ක් සහ කාසි කොටේ අලි උමගේ සියලු ප්‍රතිසංස්කරණ අවසන් කිරීමෙන් පසු උතුරු දුම්රිය මාර්ගයේ ධාවනය ලබන බ්‍රහස්පතින්දා සිට යළි සිදුකිරීමට කටයුතු යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.