එංගලන්තයේ දී මාලිංග ට ඉහළ මිලක්

සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එංගලන්තයේ පැවැත්වීමට නියමිත ‘ද හන්ඩ‍්‍රඩ්’ ප්‍රීමියර් ලීග් තරගාවලිය සඳහා තෝරා ගෙන තිබේ.

එහිදී මාලිංගට හිමි වී තිබෙනා වටිනාකම වන්නේ ස්ටර්ලිං පවුම් 125000 කි. එනම් ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් ලක්ෂ 280 කට ආසන්න මුදලකි.

මාලිංගට අමතරව ඔස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් වන ඩේවිඩ් වෝනර්, ස්ටීවන් ස්මිත් සහ මිෂෙල් ස්ටාර්ක්, ක‍්‍රිස් ගේල් හා දකුණු අප‍්‍රිකාවේ කාගිසෝ රබාඩාද වැඩිම වටිනාකමක් සහිත සෙසු ක‍්‍රීඩකයෝ වේ
 
මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ එක් කණ්ඩායමකට පන්දු සියයක් පමණක් හිමිවීමය. පළමු වටර පැවැත්වෙන එක් පිලකට පන්දු 100 ක් වන ක‍්‍රිකට් තරගාවලිය වෙනුවෙන් එංගලන්ත ක‍්‍රිකට් ආයතනයේද අනුමැතිය හිමිව තිබේ. පන්දුවාර 15 ක් පන්දු හය බැගින්ද අවසන් පන්දුවාරය පමණක් පන්දු 10 කින්ද සමන්විත වන ලෙස පන්දුවාර 100 තරග ආකෘතිය සකස් කර තිබේ.
 
ලසිත් මාලිංගට අමතරව මෙම තරගාවලියේ සවුත්හැම්ටන් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු වශයෙන් මහේල ජයවර්ධනව තෝරාගෙන තිබේ.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න